ධනුෂ්ක, කුසල්, දික්වැල්ල යළි පිටියට

ධනුෂ්ක, කුසල්, දික්වැල්ල යළි පිටියට

ධනුෂ්ක ගුණතිලක ,කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රිකට් ක්‍රීඩකයින්ට පනවා තිබු ජාත්‍යන්තර තරග තහනම ඉවත් කිරීමට අද(07) රැස්වූ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව තීරණය කර තිබෙනවා

2021 ජුනි මාසයේ එංගලන්ත සංචාරයේදී පැවති ජෛව ආරක්ෂිත බුබුල බිඳ දැමීම නිසා ඔවුන් තිදෙනාට වසරක ජාත්‍යන්තර තරග තහනමක් මාස 6ක දේශීය තරග තහනමක් සහ දඩ මුදලක් පැනවුණා