ඇමති ධූර බලාපොරොත්තු වෙන්න එපා, දෙන්න බැහැ

ඇමති ධූර බලාපොරොත්තු වෙන්න එපා, දෙන්න බැහැ

රටක ඉදිරි ගමන වෙනුවෙන් ඇමතිවරු සහ මන්ත්‍රිවරු සියලුදෙනා එකට එක්වී කණ්ඩායමක් ලෙස වැඩ කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මොනරාගල පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

සෑම මන්ත්‍රිවරයකු ම කැබිනට් ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටියද ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධූර 30 ට වැඩියෙන් ලබාදී ජනතා පොරොන්දුව කඩ කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

සෑම මන්ත්‍රිවරයකුම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.

සිදුවන පසුබෑම්වලදී කණ්ඩායමක් ලෙස මුහුණදීම සාමූහික වගකීමක් බවත් එසේ නොකර අඩුපාඩුකම් පිළිබඳ පමණක් විවේචනය කරනවා නම් එය අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

තමා පොරොන්දු වූ වගකීම් කොවිඩ් හේතුවෙන් අහිමි වූ වසර දෙක ගැන නොසිතා ඉදිරි තෙවසරේදී ඉටු කිරීමට කැප වන බව ද ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ උත්සවයේදීය.

මෙම උත්සවය එම විද්‍යාලයේදී අද (7) පෙරවරුවේ පැවැත්විණ.

ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවලදී සහායවීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බව පැවසූ ජනාධිපතිවරයා රටක ඉදිරි ගමන වෙනුවෙන් ම මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් සියලු දෙනා එකට එක්ව කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ වැඩ කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

තීරණ ගැනීමේදී නිලධාරීන් වැඩ කළ හැක්කේ කෙසේදැයි පමණක් බලන ලෙසත් එසේ නොමැතිව චක්‍රලේඛ දඩමීමා කරගෙන වැඩ කළ නො හැක්කේ කෙසේදැයි නොබලන ලෙසත් ජනාධිපතිවරයා පැවසීය.

රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඉදිරි වසර තුනේදී පූර්ණ සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ සියලු දෙනාගෙන්ම මෙහිදී ඉල්ලීමක් කළේ‍ය.