පොලීසියේ උණුවුණු හදවත (වීඩියෝ )

පොලීසියේ උණුවුණු හදවත (වීඩියෝ )

පොලීසිය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවන සමයක පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මිනිස්කම පිළිහිඹු වන විඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙනවා.

මෙම සිදුවීම වාර්ථා වන්නේ පොළොන්නරුව බැදිවැව හංදිය ප්‍රදේශයෙන්.

ත්‍රීරෝද රථයෙන් රෝගී වු කුඩා දරුවෙකු පොළොන්නරුව රෝහල වෙත රැගෙන යමින් තිබුණි.

එය නිරීක්ෂණය වූ පොලිස් නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක විය.

ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ඇති වාහන පසකට කරමින් ත්‍රීරෝද රථයට මඟ දෙපස ඉඩ සලසා දෙන්නේ එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන්ට කළ හැකි සම්මාදම කරමිනි..

ඊයේ (05) සවස අදාළ සිදුවීම සිදුව ඇති බව වාර්තා වෙයි.