ගෑස් පිපිරීම් ගැන ජොන්ස්ටන්ට සැකයිලු

ගෑස් පිපිරීම් ගැන ජොන්ස්ටන්ට සැකයිලු

පවතින ගෑස් පිපිරීම් පිටුපසකුමන්ත්‍රණයක් තිබෙනවාද යන්න සැකයක් මතුවී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (06) කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ පැවති උත්සවයකදී සඳහන් කළා.

එතුමා දැක්වූ අදහස්

විදේශ සංචිත අඩු වෙලා තිබෙනවා. එම නිසා භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා .

ගෑස් වල ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. ගෑස් පිපිරීම් වාර්තා වෙනවා .

ඒ වුනාට කොළඹ 07 ගෑස් පිපිරෙන්නේ නැහැ . උතුරු පලාතේ ගෑස් පිපිරෙන්නේ නැහැ. නුවර කුරුණෑගල ගෑස් පිපිරෙන්නේ නැහැ. එනිසා මේ ගෑස් පිපිරීම් ගැන අපි විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.

ජනාධිපතිතුමා මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකරනවා.

ඒ සම්බන්ධව විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙනවා .

රටේ ජනතාව අතර මේ වන විට අවිශ්වාසයක් ඇති වී තිබෙනවා මේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් .

ජනතාව මේ වන විට ගෑස් පරිභෝජනය සම්බන්ධයෙන් බිය වී තිබෙනවා.

මේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසඳුම් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් මහාමාර්ග අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.