කසකස්තානයේ සහයට රුසියාවත් එයි

කසකස්තානයේ සහයට රුසියාවත් එයි

පවතින විරෝධතා මර්දනය කිරීම සඳහා රුසියානු හමුදාවේ සහාය කසකස්තානයේ ජනාධිපතිවරයා විසින් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැවති විරෝධතා ප්‍රචණ්ඩත්වයට පත්වීමත් සමඟ කසකස්තානයේ ජනාධිපතිවරයා විසින් සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා

රට පුරා ප්‍රදේශ කිහිපයක විශාල පෙළපාලි වාර්තා වූ අතර රටේ විශාලතම නගරය වන අල්මාටි හි වාහනවලට ගිනි තැබීමෙන් පසු ජනතාව පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් භාවිතා කර තිබෙනවා

පුද්ගලයින් 1,000 ක් පමණ තුවාල ලබා ඇති අතර 400 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 62 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.

https://on.ft.com/3pZIWNT