අගමැති රැගත් රථ පෙල සිර කරලා

අගමැති රැගත් රථ පෙල සිර කරලා

ඉන්දියාවේ විරෝධතාකරුවන් විසින් මාර්ගය අවහිර කිරීම නිසා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි රැගත් රථ පෙළ මිනිත්තු 15-20 අතර කාලයක් ගුවන් පාලමක සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මේ හේතුවෙන් අගමැතිවරයාගේ හුසේනිවාලාහි උත්සවය අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සංචාරය අතරතුර සිදු වූ අතපසුවීම පිළිබඳව සවිස්තරාත්මක විමර්ශනයක් සිදු කිරීම සඳහා පන්ජාබ් රජය විසින් ඉහළ මට්ටමේ කමිටුවක් පිහිටුවා ඇති බවත් මෙය ආරක්ෂාව පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් මතුවූ අවස්ථාවක් බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

https://bit.ly/3mVT0Wj