2021 වසරේ ශ්‍රී ලාංකිකයා යොහානි

2021 වසරේ ශ්‍රී  ලාංකිකයා යොහානි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD මගින් 2021 වසර සඳහා වන සිය ‘වසරේ ශ්‍රී ලාංකිකයා‘ (SLOTY – Sri Lankan Of The Year) ලෙස ජනප්‍රිය තරුණ ගායිකා යොහානි ද සිල්වා නම් කර ඇතැයි පවසයි.

මෙහිදී ඇයට එම පිළිගැනීම ලබාදීම සම්බන්ධයෙන් හේතු දක්වන LMD සඟරාව, ‘මැණිකේ මගේ හිතේ‘ ගීතය හරහා ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරදීම සඳහා තරුණ සංගීතවේදිනියක ලෙස ලබා දුන් දායකත්වය වෙනුවෙන් මෙලෙස වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරන බව සඳහන් කරයි.

“මේ මොහොතේදී රටට අනිවාර්යයෙන්ම අවශ්‍යව තිබූ ධනාත්මක හැඟීම ඇති කිරීම සඳහා මෙන්ම ගෝලීය වේදිකාව තුළ සිය නම ඉහළින් සනිටුහන් කිරීමට ඇය සමත් වුණා. ඒ හරහා අන් කවරෙකුටවත් වඩා වැඩියෙන් පසුගිය මාස 12ක කාලය තුළදී අපේ ‍රට පිළිබඳව වැඩි අවධානයක් යොමු කරවන්නටත් ඇයගේ මැදිහත්වීම දායක වුණා.” යනුවෙන් LMD සඟරාව වැඩිදුරටත් පවසයි.

මෙය LMD සඟරාව මගින් වසරේ ශ්‍රී ලාංකිකයා නම් කෙරුණු 27 වැනි අවස්ථාවද වෙයි. 1995 වසරේදී එම සඟරාව දියත් කිරීමේ සිට මේ දක්වා රටෙහි ප්‍රභලතම සම්මානයක් බවටත් මෙම LMD වසරේ ශ්‍රී ලාංකිකයා පත්ව තිබේ.

1995 වසරේදී පළමුවරට LMD සඟරාවේ වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස මෙරට සිටි කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා නම් කෙරිණි.

එසේම දෙවැනිවරට 1996 වසරේදී හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග නම් කෙරිණි. 1997 වසරේදී තෙවැනිවරට වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස සනත් ජයසූරිය නම් කෙරිණි.