විදුලි සෝපානයට හිස සිරවී පුද්ගලයෙක් මරුට

විදුලි සෝපානයට හිස සිරවී පුද්ගලයෙක් මරුට

මිල්ලනිය පරගස්තොට පුද්ගලික ආයතනයක විදුලි සෝපානයට හිස සිරවීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය සඳහන් කළා.

අනතුරින් මියගොස් ඇත්තේ මොරන්තුඩුව තරුණ සේවා මාවතේ පදිංචිව සිටි නිලූක තනූජ ද සිල්වා 30 එක් දරු පියෙකි

මියගිය පුද්ගලයා තවත් සේවකයන් 09 දෙනෙකු සමඟ ටයර් නිෂ්පාදන යන්ත්‍රයේ සේවය කරමින් සිටියදී මෙම හදිසි අනතුර වී ඇතැයි පොලිසිය කියයි

හිසට බරපතළ තුවාල සහිතව හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.