වයස 12-15 අතර ළමුන් සඳහා එන්නත්කරණය ලබන සිකුරාදා සිට

වයස 12-15 අතර ළමුන් සඳහා එන්නත්කරණය ලබන සිකුරාදා සිට

වයස අවුරුදු 12-15 අතර මෙරට ළමුන් සදහා වන එන්නත්කරණය එළැඹෙන සිකුරාදා (07) ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙ‍හෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මෙයට පෙර වයස අවුරුදු 15-19 අතර ළමුන් සදහා වන එන්නත්කරණය සිදු කෙරුණා.

එයට අමතරව වයස අවුරුදු 12-15 දක්වා විවිධ සංකූලතා සහිත ළමුන් සඳහා එන්නත්කරණයද මෙයට පෙර සිදු කල අතර, 30,000 ක පමණ ළමුන් පිරිසක් එන්නත්කරණයට ලක් කර තිබෙනවා.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සදහා වන එන්නත්කරණයේ දී මේ වන විට එක් එන්නතක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම පාසැල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත නොගත් පාසැල් ගුරුවරුනටද එම ස්ථානයන්හිදී එන්නත් ලබාගැනීමේ හැකියාව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.