භානුකගේ සමුගැනීම ගැන ක්‍රිකට් ආයතනයේ කතාව

භානුකගේ සමුගැනීම ගැන ක්‍රිකට් ආයතනයේ කතාව

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ඔහුගේ පවුලේ වගකීම් හේතුවෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බවයි.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් 2022 ජනවාරි 05

භානුක රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේ ය.

රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ තම පවුලේ වගකීම් සලකා බලා ඉල්ලා අස්වීමට තීරණය කළ බව යි.

“මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පීතෘත්වය සහ ඒ ආශ්‍රිත පවුල් බැඳීම් තරකර ගැනීමේ අපේක්ෂාවෙන්” ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරන බව ද ඔහු පැවසී ය.භානුක රාජපක්ෂ එක්දින සහ විස්සයි20 තරග දෙකෙහි ම ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය.

සබැදි පුවත :- https://bit.ly/32V1g1M