බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

නව බස් ගාස්තු සංශෝධනය අද (05) සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 3.00 කින් වැඩි කෙරෙන අතර (රුපියල් 14.00 ක අවම බස් ගාස්තුව රුපියල් 17.00 ක් දක්වා) බස්ගාස්තු වැඩිවීම ප්‍රතිශතයක් ලෙස (17.44%) කි.

ඉන්ධන මිල මෙන්ම බස්රථ අමතර කොටස්වල මිල ගණන්ද වර්තමානයේ ඉහල යෑමත් සමඟ ඊට සාපේක්ෂව පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවය අනුව මිල සංශෝධනය කළ බවත් මේ මිල ගණන් ආසනගතව මගීන් ගෙන යාමට අදාළ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවැසීය.