පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවෙක් මරුට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවෙක් මරුට

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු අසනීපව කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි, පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

බොරැල්ල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ බන්ධනාගාරගතව සිටි කල්මුණේ, පල්ලිය පාරේ පදිංචි මොහොමඩ් කලින් නමැති සැකකරු මෙසේ මිය ගොස් ඇති බවයි.ඔහු 42 වන වියේ පසුවන බවද හෙළිවී තිබේ

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව ඉකුත් නොවැම්බර් මස 23 වැනිදා බන්ධනාගාර රෝහලටද පසුව දෙසැම්බර් 5වැනිදා කොළඹ ජාතික රෝහලට ද ඇතුළත් කර ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී මියගොස් තිබෙනවා.