දකුණු සුඩානයේ මහ බැංකු අධිපතිවරයා ඉවතට

දකුණු සුඩානයේ මහ බැංකු අධිපතිවරයා ඉවතට

දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කීර් විසින් එරට මහ බැංකු අධිපතිවරයා ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපති නියෝගයකින් නිවේදනය කරමින් Dier Tong Ngor සේවයෙන් පහ කිරීම සිදු කර ඇති අතර ඔහු නෙරපා හැරීමට හේතු කිසිවක් දක්වා නොමැති බවයි පැවසෙන්නේ

ඔහු වෙනුවට බැංකුවේ බැංකු අධීක්ෂණ සහ පර්යේෂණ භාර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කර ඇති Moses Makur Deng පත් කර ඇති බව සඳහන්

දකුණු සුඩානයේ ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ රටේ ජාතික අයවැයෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් වන තෙල් මගින් වන අතර Covid-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තෙල් මිල පහත වැටීම සහ ගැටුම් හේතුවෙන් ආර්ථිකය නරක තත්ත්වයක පවතිනවා

https://bit.ly/3mSS58Q