ඊයේ මම සැරට කතා කරා, සමහරු කියනවා මගේ කතාව ටොපේ ටොප්ලු

ඊයේ මම සැරට කතා කරා, සමහරු කියනවා මගේ කතාව ටොපේ ටොප්ලු

මෛත්‍රීපාල සිරිසේන මහතා අද අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා,

එතුමා වැඩිදුරටත් දැක්වූ අදහස්

ඊයේ මම කරපු කතාව මගේ හිතවත් බොහෝ දෙනෙක් කතා කරලා කිවුවා ටොපේ ටොප් කතාව කියලා.තවත් සමහරු කතා කරලා කිවුවා කතාව ටිකක් සැර වැඩි නේද කියලා,මම කතාව සැරට කරලා පෙන්නුවේ අපිටත් සැරට කතා කරන්න පුළුවන් කියලා පෙන්වන්නයි.මොකද සමහර අය හිතන් ඉන්නවා බෑ කියලා.

සමහරුන්ට දැන් බලය තියෙනවා කියලා උඩින් යන ගතියක් තියෙනවා. මෙතෙක් පැවති සම්ප්‍රදායික ආණ්ඩු නොව මෙතෙක් පැවති ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් අපි සැදිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කාගෙවත් පස්සේ යන් නැහැ.අපිට එහෙම යන්න වුවමනාවක් නෑ.

පාර්ලිමේන්තුවේ තුන් වෙනි බලවේගය අපි, පොහොට්ටුව එක, දෙක සමගි ජන බලවේගය, තුන අපි, අපි එහෙම නැත්තටම නැතිවෙච්ච පක්ෂයක් නෙවෙයි. අපි දැන් අලුත් වැඩ පිළිවෙලත් එක්ක නැගිටිනවා, යනුවෙන් හිටපු ජනපතිතුමා අදහස් දක්වා සිටියා.