සුසිල්ව අයින් කරේ විනය පිළිබඳ ගැටළුවක් නිසා – නාමල් රාජපක්ෂ

සුසිල්ව අයින් කරේ විනය පිළිබඳ ගැටළුවක් නිසා – නාමල් රාජපක්ෂ

සුසිල් ප්‍රේමජයන්තව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා

විනය පිළිබඳව ගැටළු කිහිපයක් පැන නැගිලා තියෙනවා,ඒ වගේම සහෝදර කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය ඇමතිවරුන් විවේචනය කිරීම සම්බන්ධව ලොකු චෝදනා තිබුනා අපිට, බොහෝ දෙනෙක් ඇහුවා ජනාධිපතිතුමා ඇයි මේකට පියවරක් ගන් නැත්තේ කියලා, ඒක නිසා වෙන්න ඇති එතුමා තීන්දුවක් ගන්න ඇත්තේ,ඉදිරියේදී ජනාධිපතිතුමා විසින්ම මේ ගැන පැහැදිලි කරයි.

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට ගිය විමල් විරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද ඔහු අනතුරු ඇඟවීමක් කළේය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ආණ්ඩුව සම්බන්ධයෙන් යම් විවේචනයක් තිබේනම්, ඒවා කැබිනට් මණ්ඩලය තුල හෝ ආණ්ඩු පක්ෂ රැස්වීම වල දී අදහස් දැක්වීමට ඉඩ ඇතැයි පැවසු තරුණ ඇමතිවරයා, එම කොන්දේසිය කඩකරන්නේ නම් තමාට එරෙහිව වුවද දැඩි තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයාට බලය ඇතැයි කියා සිටියේය.