රට විනාශකළ වගකීම භාරගෙන ඉල්ලා අස්වෙන්න

රට විනාශකළ වගකීම භාරගෙන ඉල්ලා අස්වෙන්න

කොළොන්නාව ආසනයේ සමගි ජන බලවේගයේ ඡන්ද පොළ නායකයින් පත්කිරීමේ වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.

එහිදී විපක්ෂ නායකවරයා දැක්වූ අදහස්

“රට ආරක්ෂා කරන්න ආව විරුවන්ට හූවෙන් ආරක්ෂාවෙන්න සිදුවෙලා. ජනතාව හූ කියන්නේ හේතුවක් ඇතුව. ගෑස්, කිරිපිටි පෝලිම් මිනිස්සුන්ට දරාගන්න බැහැ. සිමෙන්ති මිල ඉහළ දැමීමයි අවුරුදු තෑග්ග. ඒ වගේ තෑගි දෙනකොට මිනිස්සු හූ කියනවා. වෑල් ප්‍රශ්නය සති තුනකට විසඳන්න බැහැලු. ගෑස් සිලින්ඩරවල විතරක් නෙවෙයි වෑල් ප්‍රශ්නය ආණ්ඩුවෙත් වෑල් මාරුවෙලා.” යනුවෙන් එහිදී අදහස් දක්වා සිටියා.

එමෙන්ම සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ ප්‍රතිපාදන යටතේ ඉදිකරනු ලැබූ ඛෙත්තාරාම ශ්‍රී සිද්ධාර්ථ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද විපක්ෂ නායකවරයා සහභාගී වුණා.

එහිදී දැක්වූ අදහස්

රටට සිදුකළ විනාශයේ සාමූහිකත්ව වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජික් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ ප්‍රධානින් එක් එක්කෙනාට ඇගිල්ල දිගු කරමින් තමන් නිවැරදි වන්නටත් අනෙකා පිට වරද පටවන්නටත් උත්සාහ කරන බවත් රට ප්‍රපාතයට තල්ලු කිරීමේ වරද එක් අයෙකු නොව සමස්ථ ආණ්ඩුවම භාර ගත යුතුව ඇතැයිද විපක්ෂනායකවරයා කීවේය.

බොරු සෝබන කයිවාරුකරුවන් දිනවීමේ ප්‍රථිපලය අද රටටම අත්විදීමට සිදුව ඇතැයිද විපක්ෂනායකවරයා වැඩිදුරටත් පැවසීය.