මහේල 19 න් පහළ ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුරට

මහේල 19 න් පහළ ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුරට

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ලබන 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යනවා.

ඒ බටහිර කොදෙව් දුපත් වල පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ දි ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමටයි.

මහේල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග රැදි සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

මහේල ජයවර්ධන නිමාවු T20 ලෝක කුසලානයේදි ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කළා.