හෙට ජාතික ගීය ගායනා කර වැඩ පටන් ගන්න, රාජ්‍ය සේවකයින්ට විශේෂ පණිවුඩයක්

හෙට ජාතික ගීය ගායනා කර වැඩ පටන් ගන්න, රාජ්‍ය සේවකයින්ට විශේෂ පණිවුඩයක්

රාජ්‍ය සේවා කටයුතු හෙට (03) දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය දා ප්‍රකාශ කළා.

ඊට අදාළ උපදෙස් මේ වනවිටත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව හෙට (03) උදෑසන ජාතික ධජය ඔසවා, ජාතික ගීය වාදනය කර රාජ්‍ය සේවා දිවුරුම ලබාදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලෙස අදාල අංශ වලට දැනුම් දී ඇත.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ අවස්ථා කිහිපයක දී රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා.