සීනි සමාගමෙන් පොහොර සොරාගත් 9දෙනාට සිදුවූ දේ

සීනි සමාගමෙන් පොහොර සොරාගත් 9දෙනාට සිදුවූ දේ

පැල්වත්ත සීනි සමාගමේ ගබඩාවකට ඇතුලු වී පොහොර මිටි 60කට ආසන්න ප්‍රමාණයක් බලහත්කාරයෙන් රැගෙන ගිය පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ පොහොර මිටි 25ක් සොයාගැනීමට හැකිවී ඇති අතර පොලීසිය පොහොර ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක්ද සිය භාරයට ගෙන ඇත.

පැල්වත්ත සීනි සමාගමට අයත් ගෝනගංආර, දියකිරිත්ත ප්‍රදේශයේ පොහොර ගබඩාවේදී මෙම සොරකම සිදුව තිබුණි.

එහි සේවයකළ මුරකරුවන් බියගන්වා යූරියා ඇතුළු රසායනික පොහොර මිටි තොගයක් සොරකම් කර තිබුණි.