රටේ මැති ඇමතිවරු සැප විදිනවා, අපි දුක් විදිනවා

රටේ මැති ඇමතිවරු සැප විදිනවා, අපි දුක් විදිනවා

අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් පිපිරිම් වාර්තා වු අතර, ගැස් මිළදි ගැනිම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැදී සිටි බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත්, ඉදිරි සති තුන ඇතුළත අධිකරණ නියෝගයට අනුව ලිට්රෝ ගැස් හිඟයකින් තොරව වෙළඳ පොළට නිකුත් කිරිමට හැකි බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළා

මේ අතර, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඊයේ (01) ගෑස් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. එහිදී ඔහු කියා සිටියේ, ලිට්රෝ සමාගමේ සභාපතිවරයා විසින් නියමිත ප්‍රමිතියෙන් යුතුව වෙළඳපොලට ගෑස් සැපයිය යුතු බවත්, එසේ නොවන්නේ නම් ඔහුට තනතුරෙන් ඉවත් වීමට හැකියාව පවතින බවයි.

මේ ජනතාවගේ අදහස්

රට බේරගන්න කියලා ඇවිල්ලා දැන් අපිට බඩත් බේරගන්න වෙලා,උදේ 6ට අවේ තවම පෝලිමේ ,සෞභාග්‍යයේ දැක්ම නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ, රටේ මැති ඇමතිවරු එහේ සැප විදිනවා, අපි මෙහේ දුක් විදිනවා,අන්තිමට බඩටත් කෙලියා.

සතොසට ගියාම හාල් නෑ සීනි නෑ ,මෙයාලා බයිලා ගහනවා, දැන් සෞභාග්‍යය දෝර ගලන බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.