දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ගින්නක්

දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ගින්නක්

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පිහිටා ඇති එරට පාර්ලිමේන්තුවේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුවේ ඉහළ මාලයේ ගින්නක් හටගෙන ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගින්නත් සමඟ දැවැන්ත දුමාරයක් ද පිටවන ආකාරයයි මෙහිදී දක්නට ලැබුණේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් රැසක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ගින්න හටගන්නා අවස්ථාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සේවයේ නිරත වී සිටි පිරිස් පිළිබඳව මෙතෙක් වාර්තාවී නැහැ. ස්වර්ගස්ත වූ අගරදගුරු ඩෙස්මන් ටුටූ හිමිපාණන්ගේ අවමංගල්‍ය උත්සවය ද පාර්ලිමේන්තු සංකීර්ණය අසල දේවස්ථානයක දී අද උදෑසන පැවැත්වී තිබෙනවා.

https://bit.ly/3eG7zZB