තවමත් නොවිසිදුනු කොටදෙණියාවේ අභිරහස

තවමත් නොවිසිදුනු කොටදෙණියාවේ අභිරහස

කොටදෙණියාව – වත්තේමුල්ල – බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි සහ 12 හැවිරිදි මෙම පිරිමි ළමුන් දෙදෙනා අතුරුදන්ව අදට දින 39ක කාලයක් ගතවී අවසන්. මෙලෙස අතුරුදන්ව සිටින්නේ අකිල දේදුණු නම් දරුවෙක් සහ කවීෂ සඳකැළුම් නම් ඔහුගේ ඥාති සොහොයුරෙක්. කොටදෙණියාව පොලිසිය මගින් විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් ඔවුන් සොයා මෙහෙයුම් දියත් කළත් තවමත් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.

අවස්ථා කිහිපයකදී හිරු ප්‍රවෘත්ති විශේෂ කණ්ඩායම් ද එම දරුවන් පදිංචිව සිටි නිවසට ගිය අතර, අතුරුදන්ව සිටින අකිල දේදුණු නම් දරුවාගේ මව එහිදී දේවාලයක් සම්බන්ධයෙන් මෙලෙස කරුණු හෙළිකළා.