ඩුබායි එක්ස්පෝ ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට

ඩුබායි එක්ස්පෝ ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට

ඩුබායිහිදී මේ දිනවල පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය හෙට (03) යෙදී ඇත.

එදින ප්‍රදර්ශනය විවෘත කරනු ලබන්නේ ,විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ඉකුත් ඔක්තෝබර් මස පළවැනිදා සිට ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සඳහා ලෝකයේ රටවල් එකසිය විසි නවයක් සහභාගී වී සිටින අතර, ලබන මාර්තු මාසය වන තෙක් පැවැත්වේ. එක් එක් රටවල් වෙනුවෙන් දින වෙන් වී ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනය වෙන් වී ඇත්තේ හෙටටය.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ,මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය,ශ්‍රීලන්කන් ගුවන් සේවය, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු මෙරට ආයතන කිහිපයක්, ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය සඳහා වන ප්‍රදර්ශන කුටි රැසක් මෙම ප්‍රදර්ශනයට එක් කර ඇත.