ගොවියා කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්න බැහැ – මහින්දානන්ද අලුත්ගමගේ

ගොවියා කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්න බැහැ – මහින්දානන්ද අලුත්ගමගේ

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා දළදා වහන්සේ වැද පුදා ගැනීමට අද එක්වුණා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් අනුමත කර ඇති කාබනික පොහොර පමණක් භාවිතා කොට සිය වගාවේ නිෂ්පාදනයේ යම් අඩුවක් පවතින්නේ එම ගොවීන්ට පමණක් වන්දි ලබාදෙන බවයි.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ හරිත කෘෂිකර්මාන්තය ස්ථාපිත කිරීමේ වැඩසටහනේදී සිය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණු බවටයි.

කෙසේ වෙතත්, ගොවීන් චෝදනා කරන්නේ පොහොර නොමැතිවීම නිසා සිය අස්වැන්න සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඒ සඳහා වන්දි ලබාදිය යුතු බවයි.

කෘෂි හානි සම්බන්ධයෙන් වන්දි ලබාදෙන්නේ රජය ලබාදුන් පොහොර වර්ග හතර භාවිත කළ පිරිස් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දැක්වූ අදහස්

“අපි කාබනික ඝන පොහොර දුන්නා. ජෛව දියර පොහොර දුන්නා. පොටෑසියම් ක්ලොරයිඩ් – නැනෝ නයිට්‍රජන් දුන්නා. මේ පොහොර වර්ග 4ම භාවිත කර තිබිය යුතුයි. ඒ පොහොර භාවිතයෙන් නිෂ්පාදනය අඩුවුනොත් තමයි වන්දි ගෙවන්නේ. ගොවියා කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්න බැහැ.”