මිනිස් ජීවිතයක් රැකගන්න ව්‍යාඝ්‍රයෙකුට වෙඩි (වීඩියෝ)

මිනිස් ජීවිතයක් රැකගන්න ව්‍යාඝ්‍රයෙකුට වෙඩි (වීඩියෝ)

ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නේපල්ස් සත්වෝද්‍යානයේ සිටි මලයාන් ව්‍යාඝ්‍රයෙකු වෙඩි තබා ඝාතනය කරන්නට එරට ආරක්ෂක අංශ වෙත පසුගිය දා සිදුවුණා.

මිනිස් ජීවිතයක් රැකගැනීම වෙනුවෙනුයි ඔවුන් මෙම දරුණු තීරණයට එළඹ ඇත්තේ.

පසුගිය බදාදා රාත්‍රියේ එම සත්වෝද්‍යානයේ පවිත්‍රතා සේවකයෙකු ව්‍යාඝ්‍රයා සිටින කූඩුව අසලට ගොස් සත්වයාට කෑම ලබාදීමට හෝ සුරතල් කිරීමට කටයුතුකර තිබෙනවා.

එහිදී කූඩුවේ වැට හරහා ඔහුගේ අත ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ දී ව්‍යාඝ්‍රයා ඔහුගේ අත සපා කා ඇති බවයි වාර්තා වන්නේ.

සේවකයාගේ අත ව්‍යාඝ්‍රයා දැඩිව ග්‍රහණයකරගෙන සිට ඇති අතර එහිදී ඔහු උදව් ඉල්ලා කෑ ගසා තිබෙනවා.

එම අවස්ථාවේ එතැනට පැමිණි ආරක්ෂක අංශ සේවකයාගේ ජීවිතය බේරා ගැනීමට ව්‍යාඝ්‍රයාට වෙඩි තැබීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව අදාල පවිත්‍රතා සේවකයා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

https://bit.ly/3EI68nY