නදීමාල් කලකට පසුව යළිත් අළුත් ගීතයකින්

නදීමාල් කලකට පසුව යළිත් අළුත් ගීතයකින්

නදීමාල් පෙරේරා කියන්නේ නව පරපුරේ ගායකයන් අතර ඉන්න වෙනස්ම කටහඩක් සහිත ගායන ශිල්පියෙක්. සිය සීයා සහ පියාගේ අඩිපාරේ යමින් සංගීත ලෝකයට පැමිණි නදීමාල් තමන්ගේම නමට රසික පිරිසක් හදාගෙන තිබෙනවා. වසරක පමණ කාලයක් අළුත් ගීතයක් නොකළ නදීමාල් පසුගිය දා නිහැඬියාව බිඳිමින් නවතම ගීතය එළිදැක්වූවා. “ඒ කාලේ වාගේ” ගීතයයි. මෙම ගීතයේ පද රචනය ප්‍රවීණ ගේය පද රචක නන්දන වික්‍රමගේ විසින් සිදු කර තිබෙන අතර සංගීත නිර්මාණය ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්ද විසින් සිදු කර තිබෙනවා.

‘ඒ කාලේ වාගේ’ ගීතය අන්තර්ජාලයට නිකුත් කළ දිනක් ගත වන්නටත් පෙර ගීතයට උණුසුම් ප්‍රතිචාර ලැබෙන බවටයි ආරංචි නම් වුනේ.