ජනවාරි 3සිට මත්පැන් බෝතලේ අලවන ලේබලය

ජනවාරි 3සිට මත්පැන් බෝතලේ අලවන ලේබලය

රජයේ භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීමේ අරමුණින් දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන සහ විදෙස් රටවලින් ආනයනය කරන මත්පැන් මත ලේබලයක් ඇලවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා.

ඒ අනුව 2022 වසරේ ජනවාරි තුන්වන දින සිට සෑම මත්පැන් බෝතලයක් සහ කෑන් එකක් මත ආරක්ෂිත ස්ටිකරය ඇලවීම ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා

එසේ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් වෙළඳපොළට පැමිණීමට පෙර වෙළඳපලේ ඇති අංක රහිත මත්පැන් තොග අවසන් වීමට නියමිත බවත් ඒ සඳහා මාස 3ක කාලයක් ලබාදෙන බවත් ඔහු කියා සිටියා.