ගුවන් ගමනක් අතරමැද කොවිඩ් සෑදී යානයේම හුදෙකලාවූ ගුරුවරිය

ගුවන් ගමනක් අතරමැද කොවිඩ් සෑදී යානයේම හුදෙකලාවූ ගුරුවරිය

චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී එක්සත් ජනපද පාසල් ගුරුවරියක් කොවිඩ් -19 සඳහා ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

පියාසැරිය අතරතුරදී Covid-19 ආසාදනය වීම නිසා ඇය ගුවන් යානයේ වැසිකිළියක ස්වේච්ඡාවෙන් පැය පහක් ස්වයං හුදකලාව ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Marisa Fotieo නම් මෙම ගුරුවරිය පවසා තිබෙන්නේ චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී ඇයගේ උගුර රිදෙන්නට ගත බවයි.

පසුව ඇය රැගෙන ආ කොවිඩ් පරීක්ෂණ කට්ටලයක් මගින් පරීක්ෂණයක් කළ පසු ඇය ආසාදනය වූ බවට තහවුරු වී තිබෙනවා.

ඇය ගුවන් ගමනේ ඉතිරි කාලය ගත කර ඇත්තේ වැසිකිළියේ රැඳී සිටිමින් වන අතර ගුවන් සේවිකාවක් ඇයට ආහාර පාන ලබා දී තිබෙනවා

ගුවන් යානයට ගොඩවීමට පෙර ඇය Covid-19 පරීක්ෂණයක් සිදු කලාද නැතිද යන්න තවමත් පැහැදිලි නැහැ

මිචිගන්හි සිට පැමිණි ෆොටියෝ මහත්මිය පවසා තිබෙන්නේ “ ගුවන් ගමනේ 150 දෙනෙක් සිටියා.

මගේ ලොකුම බිය වූයේ එය ඔවුන්ට වැළඳෙයි කියන එකයි.

ඒ වගේම ගුවන් සේවිකාව පැය පහ සඳහාම මට අවශ්‍ය සෑම දෙයක්ම ආහාරපානවල සිට බීම දක්වා ලබා දුන්නා

එමෙන්ම මම හොඳින් සිටින බවට සහතික වෙමින් මාව නිරන්තරයෙන් පරීක්ෂා කළා,” යනුවෙන් ඇය පවසා සිටිනවා

අයිස්ලන්තයට පැමිණීමෙන් පසුව හෝටලයක නැවතී ඇය නිරෝධානයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

https://bbc.in/3pH70EZ