ආගමික සිද්ධස්ථානයක ඇති වූ තෙරපීමකින් විශාල පිරිසක් මරුට

ආගමික සිද්ධස්ථානයක ඇති වූ තෙරපීමකින් විශාල පිරිසක් මරුට

ජම්මු – කාෂ්මීරයේ මාතා වෛෂ්ණෝ දේවි සිද්ධස්ථානයේ සිදුවූ තෙරපීමකින් බැතිමතුන් 12 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් සියලුදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බැතිමතුන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝකය පළකර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් ශෝකය පළ කරන අතර ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.