අපි වවා ගෙන කාලා හරි ගොඩ යමු

අපි වවා ගෙන කාලා හරි ගොඩ යමු

අපි වවා ගෙන කාලා හරි ගොඩ යමු මනෝවිද්‍යා උපදේශක මොහාන් පල්ලියගුරු මහතා අද (01) රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් මේ බව සදහන් කලා,

එතුමා එම වැඩසටහනේදී දැක්වූ අදහස්

මොනවද මේ රටේ තියෙන ප්‍රශ්න ටික ,අපි කෑ ගහනවා විදේශ විනිමය සංචිත වල ප්‍රශ්න තියෙනවා කියලා,අපි කෑ ගහනවා රටේ බඩු මිල වැඩි වෙනවා කියලා,අපි කෑ ගහනවා ගෑස් පුපුරනවා කියලා,අපි කෑ ගහනවා අපේ රට අනුන්ගේ රටවලට දෙන්න වෙයි කියලා, මේ සේරම වෙන්නේ ඇයි මේක තියෙන්නේ ආර්ථික අර්බුදයක් එක්ක, අපිට ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා.

ඔහු රටේ ජනතාවගෙන් ප්‍රශ්න කරා ඔබ උදේ ඉදලා නිවුස් ටික බලලා ,හිත රිද්දවගෙන කලකිරිලා මෙවුන් එක්ක වැඩක් නෑ ,මම මේ රටෙන් යනවා,මේ රටේ ඉදලා ගොඩ යන්න බෑ කිය කියා ඒත් ඉන්නවා, ඉන්න එක පැත්තක තියලා ඔබ මේ ක්‍රමය වෙනස් කරන්න මොකක්ද කරලා තියෙන්නේ ? ඔබ එළවලු මිල ගණන් වැඩි වැඩි කියනවා ඔබ ගේ වටේ වම්බටු, බණ්ඩක්කා,මිරිස් ගස් ටිකක් හිටව ගත්තද ? එලවලු මිල වෙනස් කරන්න බැරිනම් අපි දැන ගන්න ඕනේ ඒ ක්‍රමය වෙනස් කරන්න.

රටේ පාලකයෝ හරියට කරන් නැත්නම්, එයාලා වරද්දනවානම්, එයාලා වැරදියි වැරදියි කියලා ඉඳලා මේක වෙනස් කරන්න බෑ ,අපි මොකක් හරි එතකන් කරන්න ඕනේ , එයාල හොඳ නැත්නම් ඊළග ඡන්දයකදී තීරණයක් ගන්න පුළුවන්, එතකන් ජිවත් වෙලා ඉන්න එපැයි,අපි වවා ගෙන කාලා හරි ගොඩ යමු, යනුවෙන් ඔහු පැවසීය.

ඔහු සහභාගීවූ සම්පුර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකියි

COMMENTS