අත්‍යාවශ්‍ය භාණ්ඩ සඟවන වෙළෙදුන්ට වැඩ වරදියි

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඟවන වෙළෙදුන්ට වැඩ වරදියි

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවමින් පාරිභෝගිකයින් අපහසුතාවට පත්කරන වෙළෙදුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරීභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී. ගොඩගම මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඟවන වෙළෙදුන් පිළිබදව පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.විශේෂයෙන්ම තිරිගු පිටි, කිරිපටි වැනි භාණ්ඩ සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත.

මේ ආකාරයෙන් අත්‍යාවශ්‍ය භාන්ඩ සඟවන වෙළෙදුන් පිළිබදව තොරතුරු වෙතොත් දැනුම්දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි.