37 හැවිරිදි රොස් ටේලර් ගෙදර යන්න හදයි

37 හැවිරිදි රොස් ටේලර් ගෙදර යන්න හදයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔහු ලබන පළමු වනදා සිට බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සිය අවසන් ටෙස්ට් තරගාවලිය වන බව පවසා තිබේ.

ඒ අනුව ලබන අප්‍රේල් සහ මාර්තු මාසවල ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් සමග පැවැත්වෙන තරගාවලිය රොස් ටේලර් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන අවසන් එක්දින තරගාවලිය වේ.

2007 වසරේ සිට ටෙස්ට් තරග 110කට සහභාගි වී ඇති 37 හැවිරිදි රොස් ටේලර් රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7584කි.