මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් 15 ජනතා අයිතියට (ඡායාරූප)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් 15 ජනතා අයිතියට (ඡායාරූප)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනවාරි 15 වැනිදා ජනතා අයිතියට කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මෙම කොටසේ දුර කි.මි 40.91 කි. මේ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 13700 කි.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත. මෙම මාර්ගය මංතීරු හතරකින් සමන්විත වෙයි.