ජනවාරියේ චීන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

ජනවාරියේ චීන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ජනවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතවන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිල සංචාරය ජනවාරි 08 සහ 09 දෙදින සිදුකෙරෙණු ඇත.

චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදුවෙන බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනේ දැක්වේ.

මෙහිදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද වාර්තාවේ.

https://twitter.com/ChinaEmbSL/status/1476496276334137344?s=20