ගාලුමුවදොර ගිනි ජාලාව, සුඛෝපභෝගී රථයක් ගිනි ගනී ( වීඩියෝ )

ගාලුමුවදොර ගිනි ජාලාව, සුඛෝපභෝගී රථයක් ගිනි ගනී ( වීඩියෝ )

කොළඹ ගාලුමුවදොර පිටිය අසල අතුරු මාර්ගයක ඊයේ (29) සුපිරි සුඛෝපභෝගී මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක් වුණා.

ඊයේ රාත්‍රී 10.20ට පමණ ඇති වූ මෙම සිද්ධිය හේතුවෙන් අදාළ සුපිරි මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නො මැති අතර, කොලඹ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.