කිරි පිටි මිල ඉහළ යයිද ? තීරණය අද

කිරි පිටි මිල ඉහළ යයිද ? තීරණය අද

ආනයනික කිරිපිටි මිල ඉදිරි දින කිහිපය තුළ ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉහළ දමන මිල ගණන් සම්බන්ධයෙන් අද (30) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් විසින් පියවර ගනු ලැබීය.

එසේ මිල ඉහළ දැමීමක් සිදුකළ ද ලෝක වෙළෙඳපොළේ මිල යළිත් වරක් ඉහළ යාම හේතුවෙන් පවතින මිල ගණන් යටතේ කිරිපිටි තවදුරටත් ලබාදීමට නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ වන විට කිරිපිටි සඳහා පාලන මිලක් නොමැති අතර එම නිසා ආනයනකරුවන්ට කිරිපිටි මිල වැඩි කිරීමට අවස්ථාව හිමිව තිබේ.