ආණ්ඩුවෙන් පිටවී යෑමට කිසිම අදහසක් නැහැ

ආණ්ඩුවෙන් පිටවී යෑමට කිසිම අදහසක් නැහැ

ආණ්ඩුවෙන් පිටවී යෑමට කිසිම අදහසක් නැතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍ය වලට අදහස් දක්වමිනි.

මහින්ද සුළඟ නුගේගොඩින් අවුලවා ගත් දින සිට පැමිණි ගමනක අවසාන ප්‍රතිඵලය ලෙස මෙම ආණ්ඩුව ඇරඹුණු බව සිහිපත් කළ නානායක්කාර මහතා ජනාධිපතිවරයා සමග ඉදිරියට ගමන් කිරීම එකම බලාපොරොත්තුව බව ද සඳහන් කළේය.

නමුත් රටට අහිතකර දෙයක් සිදු වන්නේ නම් එය වෙනුවෙන් පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.