සිම්බාබ්වේ කණ්ඩායම ලබන ජනවාරි 10 දිවයිනට

සිම්බාබ්වේ කණ්ඩායම ලබන ජනවාරි 10 දිවයිනට

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ ලබන වසරේ ජනවාරි මසදී එම තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි.

එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පළමු එක්දින තරගය ජනවාරි මස 16 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇත

දෙවන තරගය ජනවාරි 18 වනදා සහ ජනවාරි 21 වැනිදා තෙවන තරගය පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියට සහභාගි වන සිම්බාබ්බේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ජනවාරි මස 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.