ස්පයිඩර් මෑන්ට කොවිඩ් අදාලා නෑ

ස්පයිඩර් මෑන්ට කොවිඩ් අදාලා නෑ

මේ වනවිට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඇති Spider Man: No Way Home චිත්‍රපටය කොවිඩ් වසංගත සමයේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ආදායම් ඉපැයූ පළමු චිත්‍රපටය ලෙස ආදායම් වාර්තා පිහිටුවීමට සමත්ව තිබේ. 2021 වසරේ වැඩිම ආදායම් උපයා ඇති සිනමාපටයද එයයි.

මෙයට පෙර ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ආදායම් ඉපැයූ අවසන් චිත්‍රපටය වූයේ 2019 වසරේ ප්‍රදර්ශනය වූ Star Wars: The Rise of Skywalker චිත්‍රපටයයි. කෙසේ නමුත් පසුගිය වසරේ කොවිඩ් වසංගතය ලෝකය ග්‍රහණයට ගැනීමෙන් පසු කිසිදු චිත්‍රපටයක් ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාවට ළඟා වීමට සමත්ව තිබුණේ නැහැ.

පසුගිය ඉරිදා වනවිට Spider Man: No Way Home ගෝලීය වශයෙන් උපයා තිබූ සමස්ත ආදායම සටහන් වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.05ක් ලෙසිනි. මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ එය තිරගත වීම ආරම්භ වී සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ වීමද විශේෂත්වයකි.

ලෝකයේ විශාලම සිනමා වෙළෙඳපොළ ලෙස සැලකෙන චීනයේ තවමත් මෙය තිරගත කර නැහැ, එවන් පසුබිමක මෙම චිත්‍රපටය මෙවැනි ඉලක්කයක් සපුරා ගැනීමට සමත් වීම විශාල ජයග්‍රහණයක් බව සිනමා ලේඛකයෝ පෙන්වා දෙති.

https://bit.ly/3pzeXMn