අවම ගාස්තුව රුපියල් 17යි – බස් ගාස්තුව ඉහළට

අවම ගාස්තුව රුපියල් 17යි – බස් ගාස්තුව ඉහළට

ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ අනුව දැනට රුපියල් 14 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 17 ක් දක්වා ඉහළ යනු ඇතී.

එම තීරණය ලබන ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අවම ගාස්තුව හැර ලංගම සහ පෞද්ගලික බස්වල අනෙක් ගාස්තු සියයට 17කින් ඉහළ නංවා තිබෙනවා.