මහින්ද ගිහිල්ලා බෑ ,මහින්ද ඉන්න ඕනේ – මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ අමුතු අනාවරණය ( වීඩියෝ )

මහින්ද ගිහිල්ලා බෑ ,මහින්ද ඉන්න ඕනේ – මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ අමුතු අනාවරණය                                                    ( වීඩියෝ )

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සැරසෙන බවට පැතිර යන රාවයට පිළිතුරු ලබා දීමට අද (29) අභයාරාම විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වුනා.

එම මාධ්‍ය හමුවේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැක්වූ අදහස් කිහිපයක්

මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වීමට කිසිදු තීරණයක් අරගෙන නැහැ ,එතුමා ඉල්ලා අස්වෙනවානම් අපිට කියලයි යන්නේ, අපිට හිතෙනවා මේක මහින්ද රාජපක්ෂ එලවන්න ගත්ත කුමන්ත්‍රණයක්ද කියලා, කවුරු මොන කුමන්ත්‍රණය කළත් තමන්ගේ සහෝදරයා අත්හැරලා යන්නෑ කියන විශ්වාශය අපිට තියෙනවා.

ජනතාවට ජිවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ,හැම පැත්තකින්ම ආර්ථිකය වැටෙනවා,අපි නෑ කියන්නෑ ,ජනතාවට ජිවත් වෙන්න අමාරුයි, එත් එක්කම ආර්ථිකය වැටිලා ,ඩොලර් නෑ කියන ප්‍රතිපත්තිය උඩ ඉදලා රටක් ගෙනියන්න බැ කියන සංකල්පය පිළිගන්න කැමති නෑ ,ඒක බොරු කතාවක්, අපිට ඕනේ වෙන්න යනදේ වලක්ව ගන්න, වෙන්න යනදේ වලක්ව ගන්න නම් මහින්ද මහත්තයා ගිහිල්ලා හරියන්නෑ ,මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕනේ, මහින්ද මහත්තයෝ රට හදාගන්න මල්ලිට ශක්තියක් දෙන්න. ගෝඨාභය ජනාධිපතිතුමනි කේවට්ටයෝ ටික අයින් කරන්න යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.