ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට නව සමාගමක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට නව සමාගමක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ “ට්‍රින්කෝ ටර්මිනල් ලිමිටඩ්” ( TRINCO PETROLEUM TERMINALS LTD ) නමින් එම සමාගම පිහිටුවිමට නියමිත බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යෙන් බහුතරය යළිත් මෙරටට ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව අදාළ පාර්ශ්ව සමඟ මාසයක් ඇතුළත ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.