අමාත්‍ය ධුරවලින් ඉවත් කළත් ගැටලුවක් නැහැ – උදය ගම්මන්පිල

අමාත්‍ය ධුරවලින් ඉවත් කළත් ගැටලුවක් නැහැ – උදය ගම්මන්පිල

යුගදනවි ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම තුළ තමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා වරදක් සිදුකර නොමැති බැවින් අමාත්‍යධුරවලින් ඉවත් නොවන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, තමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙකු සිය අමාත්‍යධුරවලින් ඉවත් වී අධිකරණයේ කරුණු දැක්වීම වඩාත් සුදුසු බවට (27) ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දක්වමිනි.

තමන් ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් තුන් දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම්, ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නො මැති බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා

අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේ, යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමන් ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා කිසිදු වරදක් සිදු කර නොමැති බවයි.