ශ්‍රී ලංකාව ගැන බංග්ලාදේශය ගත් තීරණය

ශ්‍රී ලංකාව ගැන බංග්ලාදේශය ගත් තීරණය

බංග්ලාදේශය විසින් මෙරටට ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ තවත් මාස තුනකින්.ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මුල්‍ය හුවමාරුව හෙවත් ස්වැප් පහසුකම යටතේ ශ්‍රී ලංකාව මෙම ණය මුදල ලබාගෙන තිබෙනවා.

එය මෙරටට කොටස් තුනකින් ලබා දී තිබෙනවා.

එම මුදල සඳහා libor + 2%ක පොලීයක් බංග්ලාදේශ මහ බැංකුවට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතුය.