විමල්, වාසු, ගම්මන්පිල ඇමතිකම් වලට තාම සෙට්

විමල්, වාසු, ගම්මන්පිල ඇමතිකම් වලට තාම සෙට්

කැබිනට් මණ්ඩල සාමුහික වගකීමක් තුළ ඉන් වියුක්ත මතයක් දැරු පමණින් ම කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැ යි ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ජනාධිපති නිල නිවසේ දී ඊයේ (27) පැවති හමුවකදියි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ.

සාමූහික වගකීමක් තුළ එහි ගන්නා තීන්දු තිරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටිය දී නො කර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව තම අදහස බව ද ජනාධිපතිවරයා මෙහි දී පැවසුවා.

ඉකුත් ප්‍රේමදාස ආණ්ඩු සමයේ ද සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුළත්මුදලි සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ට එරෙහි ව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක්ද ලබා දී ඇති බව ද ජනපතිවරයා සිහිපත් කළා.