ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරයි

ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරයි

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද පස්වරුවේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහෙයවනු ලබයි.

ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවයට අනුගත වීමත් නාස්තිය පිටුදැකීමත් මෙහි මූලික අරමුණ වී තිබේ.

මේ ඔස්සේ රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබෙනු ඇති.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙමගින් බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කර එක් ඇන්ටනාවකින් සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කරගැනීමට හැකියාව ලැබීමත් ඩිජිටල්කරණයේ තවත් වාසියක් බවය.