යාපනයේ තරුණයන් නිෂ්පාදනය කරපු ශ්‍රී ලංකා දෙමළ චිත්‍රපටය දැන් සිනමාහල්වල

යාපනයේ තරුණයන් නිෂ්පාදනය කරපු ශ්‍රී ලංකා දෙමළ චිත්‍රපටය දැන් සිනමාහල්වල

යාපනයේ තරුණයින් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලාංකේය දෙමළ චිත්‍රපටයක් පසුගියදා යාපනයේදී මංගල දර්ශනය පැවැත්විණි.

“පුත්ති කැට මනිතර් එල්ලම්” නම් චිත්‍රපටිය තම්පි රාජ් සිවරාජ් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කර ඇත. එය නරඹන්නන්ගෙන් හොඳ පිළිගැනීමක් ලබන බව වාර්තා වේ.

Putthi Ketta Manithar Ellam නිෂ්පාදනය ‘Blackboard International’ නිෂ්පාදන සමාගම සහ ‘Poovan Media’ කණ්ඩායමේ නිර්මාණයකි.

යෞවන හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් එම කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබෙනවා.