ප්‍රංශයේ කොවිඩ් මෙගා රැල්ලක්

ප්‍රංශයේ කොවිඩ් මෙගා රැල්ලක්

ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වේගවත් වීම මධ්‍යයේ ප්‍රංශය කොවිඩ් සීමාවන් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජනවාරි 3දා සිට, හැකි අයට දුරස්ථව වැඩ කිරීම අනිවාර්යය වනු ඇති.

මහජන රැස්වීම් පුද්ගලයින් 2,000 කට සීමා කෙරෙනවා.

පසුගිය සෙනසුරාදා(25) නව ආසාදිතයින් 100,000 කට වඩා වාර්තා වී ඇති බැවින් ප්‍රංශයේ බලධාරීන් මෙම තීරණය ගෙන් ඇති බවයි පැවසෙන්නේ.

වසංගතය ආරම්භ වූ දා සිට රට තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාව මෙයයි

එරට සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසා තිබෙන්නේ කොවිඩ් වෛරස් ආසාදිතයින් සෑම දින දෙකකට වරක් දෙගුණ වන බැවින් නව රෝගීන්ගේ “මෙගා රැල්ලක්” ගැන අනතුරු ඇඟවීමට සිදුවන බවයි.

https://bbc.in/3Esikck