ජීවන් මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

ජීවන් මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සිය සමුගැනීම සනිටුහන් කර ඇති බව වාර්තා වේ.

2010 වසරේ ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ජීවන් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර තරග 58කට සහභාගී වී කඩුලු 28ක් සහ ලකුණු 636 ක් ලබාගෙන තිබේ.

20 යි 20 ජාත්‍යන්තර තරග 22 කට සහභාගී වී ඇති ජීවන් මෙන්ඩින් කඩුලු 12ක් සහ ලකුණු 207ක් රැස් කරගැනීමට සමත් විය.

අවසන් වරට ඔහු ජාත්‍යන්තර එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ 2019 වසරේ ජුනි මාසයේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයකටය.