එංගලන්තයේ සිට පැමිණ අතුරුදන්වූ කාන්තාවගේ සිරුර හමුවූ තැන (ඡායාරූප )

එංගලන්තයේ සිට පැමිණ අතුරුදන්වූ කාන්තාවගේ සිරුර හමුවූ තැන (ඡායාරූප )

එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිට නැවත පැමිණ කිලිනොච්චිය උදයනගර් පිහිටි නිවසක රැදී සිටියදී ඊයේ(27) සවස අතුරුදහන්වු කාන්තාවගේ මළ සිරුරු අද(28) උදෑසන කන්දපුරම් ප්‍රදේශයේ පාලමක් යට තිබී සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කරනවා.

පොලිසිය පැවසූවේ රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නමැති 67 හැවිරිදි කාන්තාවගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.

අදාළ කාන්තාව ඊයේ(27) බැංකුවට ගොස් නිවසට පැමිණ සිටි අතරවාරයේ එලෙස අතුරුදහන්ව ඇති බවට තොරතුරු පවතින බවට ප්‍රදේශවාසීන් පොලිසියට සඳහන් කර තිබුණා.

අතුරුදහන් කාන්තාව රැදී සිටි නිවසේ ලේ පැල්ලම් වැනි යමක් පවතින බවට නිරීක්ෂණය වන බවද පොලිසිය සඳහන් කළා.

අතුරුදහන් කාන්තාව ලන්ඩන් නුවර පදිංචි සිය පුතා සමඟ කලක් රැදී සිට ඇති අතර, අනතුරුව මීට වසර තුනකට පමණ පෙර නැවත කිලිනොච්චිය වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සබැදි පුවත :- https://bit.ly/3sFgbrE